මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් සහ මධ්‍යම ආණ්ඩුකාරවරයා අතර සාකච්ඡාවක් මහනුවරදී

එල්.බී සේනාරත්න

ඉල්ලීම් සියල්ල මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ අවධානයට

මහනුවර ,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රීක්කවල උපාධිධාරීන් පිරිසක් මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට රැස් ව ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් විරෝධාතාවයක නිරතවීම (13) සිදුවිය. එහිදී ඔවුන්  පළාත් ආණ්ඩුකාරවරයා හමුවීම සදහා කළ ඉල්ලීමකට අනුව පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා  විසින් ඔවුන්ගේ නියෝජිතයන් පිරිසක් ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී හමු වී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පියවර ගැනීම සිදුවිය.

එහිදී උපාධිධාරීන් පළාත් සභාව තුල ලියාපදිංචි කිරීම, ඔවුන් සදහා රැකියා අවස්ථාවන් ලබාගැනීම ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස එහිදී පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඔවුන් ඉල්ලීම කළ අතර, ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් පළාත් ආණ්ඩුකාරවරයා පවතින ප්‍රතිපාදන සහ නීතිමය රාමුව තුල ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට අදාල පාර්ශව සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සදහන් කර සිටියේය.

මෙම සාකච්ඡාව අවසානයේ ඔවුන් විසින් පළාත් ආණ්ඩුකාරවරයා වෙත සංදේශයක් ද භාරදීම සිදු විය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *